Sunday, November 14, 2010

සිරකාරයො කවදාවත් හැදෙන්නේ නැත්තෙ ඇයි?

අපි වැලිකඩ ඉස්සරහින් යන කොට හැමදාම දකිනවා සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා බෝඩ් එකක්. මොන පිස්සෙක් ඒක ලිව්වද දන්නේ නෑ. මොකද දන්නවද මම එහෙම කියන්නෙ. මනුෂ්‍යයෙක් විදියට සිරගෙට යන සිරකරුවා එළියට එන්නේ අමනුෂ්‍යයෙක් විදියට. මහලොකුවට කාකි ඇඳුම් ගහගෙන හිරගෙදර වීරයෝ වගේ ඉන්න ජේලර්ලයි නියාමකලයි තමයි ඔය සිරකාරයොන්ට හැම සැප පහසුකමක්ම දෙන්නෙ.
මම හොඳ උදාහරණයක් ඔයගොල්ලොන්ට කියන්නම්. එක දවසක් මම වැලිකඩ බන්ධනාගාරයට ගියා මගේ යාළු නියාමක කෙනෙක් හම්බවෙන්න. එයා එනකම් මම එළියේ දොරකඩ ළගට වෙලා වෙන්නෙ මොනවද කියලා බලාගෙන හිටියා. සිරකාරයො බලන්න එන අයගේ පාර්සල් එක පැත්තකින් චෙක් කරලා දෙනවා. මම දැක්කා එක නියාමක කෙනෙක් සිරකාරයෙක් බලන්න ආව කෙනෙක්ගෙන් සල්ලි අරගෙන එයාගේ පාර්සලය කිසිම සෝදිසි කිරීමකින් තොරව ඇතුලට අරගෙන යනවා. සිරකාරයන්ගේ සල්ලි වලට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? ඇත්තටම ජෙලර්ල තමයි ඔය ජංගම දුරකතන බන්ධනාගාර වලට අරගෙන යන්නෙ. ඒ පරමාර්ථ ගොඩක් ඉෂ්ඨ කර ගන්න. එකක් තමයි ජංගම දුරකතනය අරගෙන යන්න සල්ලි ගන්න එක. අනිත් එක තමයි, ඇතුළේ ජංගම දුරකතන පාවිච්චි කරනවා කියලා චෝදනා කරලා දුරකතනය තමා සන්තක කර ගැනීම. ඇතුළෙ ඉන්න සිරකාරයොන්ගෙන් ජෙලර්ලා කොච්චර මුදල් ගන්නවද කියලා දැන ගන්න පුළුවන් ඒ සිරකාරයොන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඇහුවොත්. ජේලර්ලා දෙන බැංකු අංක වලට ඒ අහිංසක මිනිස්සු දාස් ගණන් වලින් මුදල් දාන්නෙ තමන්ගේ පුතා දුව, බිරිඳ සැමියා , පියා මව හෝ සතුටින් සිරගෙවල් වල සිටිනු දැකීමට නේද? එසේ මුදල් ගසා කන ජේලර්ලා ලංකාවේ ඉන්නකම් සිර ගෙවල් වල ඉන්න සිරකාරයෝ කවදාවත් හැදෙන්නෙ නෑ.
සුළු වරදකට පවා සිරගෙට යන සිරකරුවාට සිටීමට සිදුවන්නේ බරපතල වැරදි කළ සිරකරුවන් සමගය. ටික දවසකින් ඔවුන් ඉතා කුළුපග වේ. එවිට බරපතල වැරදි කර සිරගත වූ අය සුළු වැරදි කර සිරගත වූවන් තම ගොඩට ඇද ගන්නෙ ඔවුන්ටත් නොදැනීය. ලංකාවේ මනුෂ්‍යයින් විදියට සිරගත වන්නවුන් අමනුෂ්‍යයින් ලෙස එළියට එන්වා යැයි මම පවසන්නේ මේ නිසාය.

No comments:

Post a Comment