Monday, November 15, 2010

පනින රිළවුන්ට සන්තෝෂමක් දෙන්න ඕනමද?

පනින්නේ රළවු විතරක් නෙවෙයි. ඇයි ගෙම්බො. නෑ දැන් පනින්නේ දේශපාලුවො. රට කරවන්න නම්..වටිනා කියන දෑ විකිණිය යුතුය රටේ.. ඒ නිකම් කියපු සින්දු නෙවෙයි. මටත් හිතෙනවා ඇත්තටම විපක්ෂයෙන් ඡන්දෙ ඉල්ලලා එක සැරයක් ආණ්ඩුවට හේත්තු වුණා නම් කියලා.
මොකද කෝටි තුන හතරක් එක් පාරටම් හම්බවෙනවනේ. පහුගිය දවස්වල නම් පැනීමේ ආනිශංස හොදට ගත්ත අය තමයි ලක්ෂ්මන් සෙනවිරත්න, උපේක්ෂා ස්වර්නමාලි(පබා බබා), මනූෂ නානායක්කාර. විපක්ෂෙ ඉන්නකම් යන්න එන්න වාහනයක් තිබුණෙ නැති ලක්ෂ්මන් එකපාරටම හෙලිකොප්ටරෙන් ගියේ කොහොමද කියලා හැමොටම ප්‍රශ්නයක් වුණා. මනූෂ එක් පාරටම ඩිපෙන්ඩර් 2ක් අරගෙන කොල්ලො එක්ක සෙට් වෙනකොට හැමෝටම ප්‍රශ්නයක් වුණා. පබාට නම් කොහෙත්ම එන්න ඕනකමක් තිබුණේ නෑ. එයාගේ මහත්තයා බලෙන්නේ එයාව ජනාධිපති මැදුරට අරගෙන ගිහින් තිබුනෙ. ඒ ගොනා කොහොමත් ඉතිං සල්ලි පෙරේතයානේ. නැත්නම් දුමින්දගේ අයියා තියාගෙන කාපු කෑල්ල ලක්ෂ 10කට බැඳ ගනීද නේ. මේ දේශපාලන සෙල්ලමේ මහින්ද රාජපක්ෂ හොද ක්‍රීඩකයෙක්. එයාගෙ යෝකර් වලට කාටවත් ගහන්න බෑ. ගිලපු ලනු කාපු එජාපය තාම ප්‍රතිසංවිධානයක හිර වෙලා දගලනවා. යන්තම් විපක්ෂය කියලා දැන් පේන්නෙ ජවිපෙ විතරයි. සරත් ෆොන්සේකාත් හිරේට ගියා ගියා මයි එජාපය ඔහු ඉන්නවද නැද්ද කියලා තාම බැලුවේ නැති තරම්. 

No comments:

Post a Comment