Monday, November 15, 2010

මර්වින්ට විතරක් මේ සැප මොකටද?


මහාමාර්ග නියෝජ්‍ය ඇමති වුණ පලියට ජගුවර් XJ එකකින් පාරේ යන්න ඕනද? අනිවා. යන්න ඕන එතකොටනේ මහාමාර්ග වල තියෙන දුර්වල තැන් අදුරගෙන හදන්න පුළුවන්. නේද? මර්වින් සිල්වා අලුතෙන් වාහනයක් ගෙනල්ලා එක්යි මේ කතාව. කාර් එකේ නියම වටිනාකම ලක්ෂ 184යි. ඒක වරායෙන් ගන්න බද්ද ලක්ෂ 106ක් යනවා.
එත් මර්වින්ට මේක ගෙදරට ගෙන්න ගන්න ගිහින් තියෙන්නෙ ලක්ෂ 112යි. මරු නේ. මර්වින්ට ගහලා තියෙන බද්ද ලක්ෂ 35යි. මේ සියලු ලිපි වලට අත්සන් කරලා තියෙන්නෙ මහාමාර්ග අමාත්‍යාංශේ නිලධාරියෙක් වන සෑම් කෝරලගේ විසිනි. පසුගිය 6 වෙනිදා මෙම රථය කොළඹ වරායට පැමිණ ඇත.

1 comment: